Friday, July 6, 2012

මේ ලිපියෙන් කතා කරන්න යන මාතෘකාව නම් කවුරුත් හොදට අහල පුරුදු මාතෘකාවක්, ඒ වගේම ගොඩක් කැමති මාතෘකාවක්,ඒ වගේම ගොඩක් දෙනෙක් පටන් ගන්න ගිහින් ඇන ගන්න මාතෘකාවක්.

 

 


            ඔයාට  බ්ලොග් අඩවියක් හරි වෙනත් වෙබ් අඩවියක් හරි  තියෙනවා කියලා හිතමුකො.ඊළගට බොහෝ දෙනෙකුට මතුවන ගැටලූවක් තමයි Google adsnse  ගිණුමක්  හදාගන්න එක.  දැන් ආසියාතික  රටවලට ඇඩ්සෙන්ස් දෙන එක  බොහෝ දුරට සීමාකරලයි තියෙන්නෙ.කලින් නම් වෙබ් අඩවියක් adsense වල ලියාපදිංචි කරන එක එච්චර අමාරැ වැඩක් නෙමේ.ඒත් දැන් එහෙම නෑ.

 මේකට බලපාන හේතු බොහොමයක් තියෙනවා...................

  •   බ්ලොග් එකේ හරි, වෙබ් අඩවියේ හරි  ගුණාත්මක  භාවයක් නැතිවීම.
  • වෙබ් පිටුවට පැම්ණෙන  (visitors) ප්‍රමාණය අඩුවිම බලපාන තවත් හේතුවක් වෙනව.
  • ඔයාලා බ්ලොග් අඩවියට ලියලා තියෙන ලිපි ප්‍රමානය,ඒවායේ ගුණාත්මක බව අඩු විම.
  • බ්ලොග් අඩවියේ තියෙන pages ගනන අඩුම වශයෙන් 5ක් වත් වියයුතුයි.

      මෙවගේ හේතුන් නිසා තමයි Google Adsense  අපිට ටිකක් ගන්න අමාරු වෙන්නෙ.ඒ නිසා මුල ඉදලාම ඔයා කලයුතු පිළිවෙළ කතා කරමු.

  1. එනිසා අපි පළමුවෙන්ම හොද බ්ලොග් එකක් හරි හදාගන්නෙ කොහොමද කියලා දැන් බලමු.
  •   මුලින්ම ඔයා හදන බ්ලොග් එක මොන වගේ විය යුතුද කියලා ඔයාලා තීරනය කරන්න. ඒකේ ඇතුලත් කරන  තොරතුරු අපිට දිනපතා හෝ සතියකට   වරක්  එහෙමත්  නැතිනම් මාසිකව වරක් ආදි වශයෙන් අලුත්ත් කරගෙන යන්න පුලුවන් වෙන විදියේ එකක් නම් වඩා හොදයි.ඒක ඔයාගේ රැකියාව,දැනුම, විනෝදාස්වාදයට  වගේ දේ වලට ගැලපෙන්න ඕනේ.
  • මේ සදහා wordpress වගේ එකක් භාවිත කරන්න.
  • මෙම බ්ලොග්  අඩවියට ඔබ යෙදු නමට  අවසානයේ  blogspot.com   යනුවෙන්  සදහන් ආකාරයට බ්ලෝග් එකක්  ඔබට ලැබුනානේ.  ඉස්සර නම් මේකට මොනවා දැම්මත්  ඇඩ්සෙන්ස් අනුමත වෙනව. දැන් නම්  එහෙම බෑ. මේ සදහා හොද අන්තර්ගතයක් තියෙන්න ඕනි.
  • බ්ලොග් ලිවිය යුතු භාෂාව නම් English භාෂාවෙන් විය යුතුයි. සින්හල යුනිකෝඩ් වලට Google Adsense අනුමත වෙන්නේ නැහැ.
  • දැන් ඔයාලා බ්ලොග් අඩවිය හදලා ඉවරයි.දැන් ඉතින් හොද ලිපි ටිකක් බ්ලොග් එකට දා ගන්න.ඒකට අන්තර්ජාලයේ තියෙන හොද ලිපි ලියන වෙබ් අඩවියකින් ලියාවගෙන හරි ඔයාලා ලියපු ලිපි හරි යොදා ගන්න. තවත් වෙබ්   අඩවියක තියෙක ටික  එහෙම්ම  කොපි කරල දාන්නත් එපා. වෙබ්   අඩවි වලින්  තොරතුරු   රැස්කරගත්තට කමක් නෑ.  නිර්මාණය  ඔබේම  එකක් ව්ය යුතුයි.
  •  ලියන ට්ක  කාටත් කියවන්න   හිතෙන ව්දියට  දමන්නට හැකි තරම්  උත්සාහ කරන්න.  පින්තුර සහ වීඩියෝ ආදියත් ඒකට  දමන්න පුලුවන්. 
  • ">මේ අකාරයට අඩුම තරමින්  blog post  50-100 ක් වත් ඔබේ  blog අඩවියට ඇතුලත් කරගන්න.  එතෙක් ඇඩ්සෙන්ස් ඉල්ලන්න එපා.  
  • ඒවගේම බ්ලොග් එකට පැමිනෙන පිරිසද වැඩි කරගත යුතුමයි.මෙකට ගොඩක් ක්‍රම තියෙනවා.ඒ ගැන පසුව කතා කරමු.......

1 comments:

  1. If you're looking for a reputable contextual advertising company, I suggest that you take a peek at ExoClick.

    ReplyDelete